මේ කියන්නේ නිර්භීතකම උපරිමයටම තිබෙන කෙනෙක්ට කරන්න පුළුවන් ත්‍රාසජනක ක්‍රියාකාරකමක් ගැනයි. ඒ තමයි, මහ මුහුදේ මෝරුන් සමඟ පිහිනීම.
පිහිනීම කිව්වට මෙතැනදී සිද්ධ වෙන්නේ බෝට්ටුවක ඉඳන් මුහුද ඇතුළට යොමු කරන කූඩුවක් ඇතුළට වෙලා මෝරුන් නිරීක්ෂණය කිරීමයි. අඩි ගාණක් පහළට ගිහින් කූඩුවකට වෙලා මහ මුහුදේ ඉන්න දැවැන්තම ආක්‍රමණශීලී සත්ත්වයා නරඹන එක ඇත්තෙන්ම ත්‍රාසජනක අත්දැකීමක්.
මෝරුන් තමන්ගේ ගොදුරු හඹාගෙන යන ආකාරය වගේම උන්ගේ සාමාන්‍ය හැසිරීම් රටාවත් ළඟින්ම හිඳගෙන නිරීක්ෂණය කරන්නත් ඡායාරූප නඟන්නත් මෙහිදී අවස්ථාව ලැබෙනවා.
ලංකාවේ නම් මේ වගේ ක්‍රියාකාරකම් තවම දකින්න නොතිබුණත් අසල්වැසි මාලදිවයිනේ මායා තිලා ප්‍රදේශයේ මේ අත්දැකීම ලබාදෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාව, ෆීජි දූපත්, බහාමාස් වගේ ප්‍රදේශවලත් මේ ක්‍රියාකාරකම් සංවිධානය වෙනවා.